At SLIC, we understand that your vehicle is more than just a mode of transportation – it's an essential part of your daily life. That's why we offer a range of motor insurance packages tailored to meet your specific needs and budget. Whether you're looking for basic coverage to meet legal requirements or seeking enhanced protection for your prized possession, we've got you covered. With our user-friendly platform and dedicated customer support, finding the right insurance package for your vehicle has never been easier. Explore our options today and drive with confidence knowing that you're backed by the trusted experts in motor insurance.
නුසිත් කුමාරතුංග මහතා, දශක දෙකකටත් වැඩි කීර්තිමත් මූල්‍ය වෘත්තීය ජීවිතයක් සහිත ප්රමුඛ මූල්‍ය වෘත්තිකයෙකි. කුමාරතුංග මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සාමාජිකයෙක් වන අතර, ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දේපළ කළමනාකරණය සහ තක්සේරුකරණය පිළිබඳ B.Sc. උපාධියක් ද ලබා ඇත. price waterhouse coopers සමාගමෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු ඔහු 2000 වසරේදී ‘Nusith Kumaratunga & Co.’ ඇරඹීය. මෙම ආයතනය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විගණන, බදු සැලසුම් සහ ව්‍යාපාර උපදේශන සේවා සපයන ආයතනයක් ලෙසට නම දිනූ ආයතනයකි.
ව්‍යවසායකයන්ගේ මූල්‍ය කළමනාකරණ හැකියාවන් වර්ධනය කරනු පිණිස, ලෝක බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පුහුණු වැඩසටහන් පවත්වමින්, නුසිත් මහතා ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති චරිතයකි. තවද, ඔහු බදුකරණය සහ ආර්ථික ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම සඳහා උපදේශක මණ්ඩලවල සේවය කරමින්, ජාතික ආර්ථික සාකච්ඡාවලට ද දායක වේ.
තොටවත්ත මහතා 2022 අගෝස්තු 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධ්යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී. .
තොටවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.
ඔහු මූල්‍ය කළමනාකරණය, සංස්ථාපිත පාලනය, උපායමාර්ගික කළමනාකරණය සහ මහජන සම්බන්ධතා යන ක්ෂේත්රයන්හි පුළුල් අත්දැකීම් සහිත සම්පූර්ණ නායකයෙකි. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස සාර්ථක වෘත්තීය ගමනක් සහ වසර 38කට වැඩි අත්දැකීම් ගණනාවක් ඔහු සතුව ඇත.
රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා, 2022 සැප්තැම්බර් 30 වනදා සිට බලපවත්වන පරිදි අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරනු ලැබීය.
පද්මප්‍රිය මහතා රාජ්‍ය අංශයේ විවිධ තනතුරු දරණ ලද, 31 වසරකට අධික පළපුරුද්දක් ඇති රාජ්‍ය සේවකයෙකි. වර්තමානයේදී ඔහු මුදල් අමාත්‍යාංශයේ, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ලෙසද සේවය කරයි.
පද්මප්‍රිය මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධරයෙකු වන අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) මහජන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත.
විදුලි සංදේශ, න්‍යෂ්ටික, තෙල් හා ගෑස් සහ මූල්‍ය සේවා ක්ෂේත්රයන්හි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන ඔහු, විදුලි සංදේශ, ඩිජිටල් පරිවර්තනය, දත්ත විශ්ලේෂණය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් වෙළඳාම් සහ නවෝත්පාදන තාක්ෂණය තුළින් ආයතනික කාර්ය සැලැස්ම මෙහෙයවීම සඳහා නායකත්වය සැපයීමට සුදුසුකම් ලබා ඇත.
ඔහු ඕස්ට්‍රේලියාවේ Royal Melbourne Institute of Technology University වෙතින් තොරතුරු තාක්ෂණය පිළිබඳ ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධියක් (MBIT) ලබා ඇත.
සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම, පාරිභෝගික අත්දැකීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නව ආදායම් මාර්ග ජනනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාරයට අනුකූල තොරතුරු තාක්ෂණ උපායමාර්ග සැකසීම සහ ව්‍යාපාරික ප්රතිලාභ ලබා ගැනීම සඳහා විශාල පරිවර්තනීය තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම පිළිබඳ අත්දැකීම් සහිතය. ඔහු ව්‍යාපාරික නවෝත්පාදනය, ප්රශස්ත සේවා සැපයුම, පාරිභෝගික සම්බන්ධතා සහ ව්‍යාපාරික ඵලදායීතාව හා හැකියාව වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පරිවර්තන ව්‍යාපෘති ගෙන එමින් ආයතනික ව්‍යුහාත්මක/ව්‍යාපාරික ව්‍යුහාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත. ආයතනයක තරගකාරී තත්ත්වය ඇගයීම, ඩිජිටල් අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම සහ ඩිජිටල් උපායමාර්ගයක නිර්වචනය කර ඇති පරිදි එහි තරගකාරී මොහොත සක්‍රීය කිරීම සඳහා ඔහු නිපුණතාවයක් දරයි.
සමස්ත විදුලි සංදේශ දාමය, බැංකු ඩිජිටල් පරිවර්තන ගමන පුරා ව්‍යාපාරික ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ව්‍යාපාරයට වටිනාකමක් ලබා දෙන තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ආකෘති ස්ථාපිත කිරීම පිළිබඳ ජයග්‍රහණ ඔහු සතුය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, ඉන්දියාව, ඊජිප්තුව සහ සවුදි අරාබිය යන රටවල සේවය කර ඇති අතර, විවිධ සංස්කෘතික කණ්ඩායම් විශාල ව්‍යාපෘති කිහිපයක් හරහා මෙහෙයවමින්, විචක්ෂණශීලීව හා පිරිවැය ඵලදායී ලෙස තාක්ෂණය භාවිතා කරමින් ශුද්ධ ප්‍රතිඵල ලබා දී ඇත. ඩිජිටල් තාක්ෂණය සහ එහි බලපෑම (IoT, AI, Digital Workplace, Cognitive Computing, Blockchain, Big Data, Cloud, සමාජ මාධ්‍ය, ආදිය) පිළිබඳ හොඳ දැනුමක් හා අවබෝධයක් ඇත.
ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා නීති ක්ෂේත්රයේ දශක තුනකට වැඩි අත්දැකීම් සහිත නීති වෘත්තිකයෙකි. ඔහු අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස විශ්‍රාම ගියේ ඉහළ පෙළේ නීති විමර්ශන, නියාමන අනුකූලතා සහ රජයේ උපදේශක භූමිකාවන්හි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමිනි.
බුද්ධිමය දේපළ, වාණිජ සහ මූල්‍ය නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු, ඇමරිකා එක්සත් ජනපදයේ George Washington University වෙතින් සහ ඉතාලියේ University of Turin ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ඇත. ඔහු සයිබර් නීතිය, ගුවන් නීතිය සහ න්‍යෂ්ටික ආරක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ සිය ධුර කාලය තුළ, ඔහු මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීති මාර්ගෝපදේශ සපයා ඇත. මීට අමතරව, ඔහු පරමාණුක බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙනත් රාජ්‍ය ආයතන සඳහා නීති උපදේශකයෙකු ලෙස සේවය කර ඇත.
ඔහු දැනට නීති වෘත්තියේ නිරත වන අතර Sri Lanka Telecom and of Mobitel Company Limited හි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.