ගුරු බුහුමන්

ගුරු බුහුමන්

ගුරු බුහුමන් නිවාස හා පුද්ගලික අනතුරු රක්ෂණය දිවයින පුරා සියලුම ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන අතිමහත් සේවය වෙනුවෙන් කෘතවේදීත්වයෙන් හඳුන්වා දෙනු ලැබේ. මෙම රක්ෂණය ඔවුන්ගේ නිවාස ගින්නෙන් හා සොරකම් නිසා සිදුවෙන අලාභ හානි වලින් ආරක්ෂා කරයි. මෙම රක්ෂණය හරහා පුද්ගලික හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ අබාධිත වීම ආවරණය කරයි. ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී ආවරණය සහතික කරයි. දැරිය හැකි වාරික සමග පුළුල් ප්‍රතිලාභ පරාසයක් ඒකාබද්ධව, ගුරු බුහුමන් වෙළඳපොලේ ප්‍රමුඛ සේවා සපයන්නෙකු ලෙස කැපී පෙනේ.

ප්‍රධාන ලක්ෂණ

  • ස්ථිර ඉදිකිරීම් හා සැකසුම්, මායිම් බිත්ති, වැට, ගේට්ටු ඇතුළු නිවාස සඳහා ආවරණය
  • ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා ආවරණය
  • පුද්ගලික අනතුරු ආවරණය (අනතුර නිසා මරණය සහ ස්ථිර සම්පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වය)
  • යතුරුපැදි ආවරණය (රියදුරන් සහ පසුපැදිකරු යන දෙදෙනාටම)
  • පැය 24/7 ලොව පුරා ආවරණය
  • අනතුරු හේතුවෙන් රෝහල්ගත වීම සඳහා දෛනික දීමනාව
  • අවමංගල්‍ය වියදම් ආවරණය

නිෂ්පාදන විස්තර

රක්ෂිත කාලය මාස 12
ආවරණය අවසන් වන වයස වයස අවුරුදු 70
සැලසුම් වර්ගය තනි පුද්ගල
වාරික වර්ගය වාර්ෂික වාරිකය

ප්‍රතිලාභ

නිවාස රක්ෂණය වගකීම් සීමාව
​​​රක්ෂණය කර ඇති දේපල​​
ගොඩනැගිල්ල, ස්ථිර සවි කිරීම් සහ උපාංග, මායිම් බිත්ති, වැටවල් සහ ගේට්ටු (වායු සමීකරණ සහ තිර රෙදි හැර) ගොඩනැගිල්ලේ සම්පූර්ණ ප්‍රථිස්ථාපන වටිනාකම රක්ෂණ මුදල​
රු. 3,000,000.00
​​භාණ්ඩ සහ උපකරණ​​
යෝජකයාගේ හෝ ඔහු/ඇය සමග පදිංචි, පවුලේ සාමාජිකයින්ට අයිති වායු සමීකරණ ඇතුළු ගෘහ භාණ්ඩ​
​​භාණ්ඩ සහ උපකරණ වලට ගොඩනැගිලිවල ව්‍යුහයේ හෝ සිවිලිමේ කිසිදු කොටසක් ඇතුළත් නොවේ. ස්වර්ණාභරණ, රන්, මැණික් සහ ඔරලෝසු, ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් පරිගණක, ඩිජිටල් කැමරා, පෞරාණික භාණ්ඩ, වැඩ කලා/සිතුවම්, වෘත්තීය උපකරණ, ඔප්පු, බැඳුම්කර, හුවමාරු බිල්පත්, පොරොන්දු සටහන්, අත්පිටපත්, පදක්කම්, කාසි, මෝටර් වාහන සහ උපාංග, ඇතුළත් නොවේ.​
​​භාණ්ඩ සහ උපකරණවල සම්පූර්ණ ප්‍රතිස්ථාපන වටිනාකම​ ​​රක්ෂණ මුදල​
රු. 750,000.00
සුන්බුන් ඉවත් කිරීම රු. 25,000.00
ගොඩනැගිල්ල ප්‍රතිස්ථාපනය සඳහා වෘත්තීය ගාස්තු රු. 25,000.00
​​බලහත්කාරයෙන් සහ ප්‍රචණ්ඩකාරී ඇතුලුවීම්/පිටවීමේ සොරකම් කිරීම (භාණ්ඩ සහ උපකරණ සඳහා පමණි) හෝ නිවාස කැඩීම හේතුවෙන් ගොඩනැගිල්ලට හානි වීම​ රු. 50,000.00
​​විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා විදුලි හානි ආවරණය​ රු. 25,000.00

පුද්ගලික අනතුරු ආවරණය ප්‍රතිශතය ප්‍රමාණය
ආවරණය
හදිසි අනතුරු මරණය 100% රු. 1,000,000.00
හදිසි අනතුරක් හේතුවෙන් ඇස් දෙකේම පෙනීම සම්පූර්ණයෙන්ම සහ ස්ථීරවම අහිමි වීම 100% රු. 1,000,000.00
හදිසි අනතුරක් හේතුවෙන් අත් දෙකම හෝ පාද දෙකම හෝ එක් අතක් සහ එක් පාදයක් ශාරීරිකව වෙන් කිරීමෙන් වන පූර්ණ ආබාධිත බව 100% රු. 1,000,000.00
හදිසි අනතුරක් හේතුවෙන් එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන්ම සහ ස්ථීරවම අහිමි වීමත් සමග එක් අතක් හෝ එක් පාදයක් ශාරීරිකව වෙන් කිරීමෙන් වන පූර්ණ ආබාධිත බව 100% රු. 1,000,000.00
හදිසි අනතුරක් හේතුවෙන් එක් ඇසක සම්පූර්ණ සහ ස්ථිිරවම පෙනීම අහිමි වීම 50% රු. 500,000.00
හදිසි අනතුරක් හේතුවෙන් එක් අතක් හෝ එක් පාදයක් ශාරීරිකව වෙන් වීමෙන් වන ආබාධිත බව 50% රු. 500,000.00

ඉහත ප්‍රතිලාභ සඳහා ගෙවිය යුතු උපරිම රක්ෂණ මුදල - 1.1 සිට 1.6 දක්වා රු. 1,000,000.00 රක්ෂණ මුදල නොඉක්මවිය යුතුය.

වෛද්‍ය වියදම් ආවරණය ප්‍රමාණය
ආවරණය
හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගත කිරීම සඳහා රෝහල් දීමනා ආවරණය දිනකට රු. 750.00 රු. 10,500.00
වසරකට උපරිම දින 14ක් පමණි.
(මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අවම වශයෙන් දින දෙකක් (02) රෝහල් ගතව සිටීම අවශ්‍ය වේ.)
අවමංගල්‍ය වියදම්
අනතුරකින් හෝ ස්වාභාවික හේතූන් මත වන මරණයක් සඳහා අවමංගල්‍ය වියදම් ආවරණය රු. 20,000.00
යතුරුපැදි ආවරණය (ධාවකයෙකු හෝ පිටුපස මගියෙකු ලෙස යන දෙයාකාරයටම) ඇතුළත් වේ.
පැය 24 පුරා ආවරණය සහ ලෝකය පුරා ව්‍යාප්ත ආවරණය ඇතුළත් වේ.

Empower your resilience with Guru Buhuman

Stay secure against accidents with 24/7 global protection, hospital support, funeral aid and bike cover.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න