නොමිලේ පෞද්ගලික අනතුරු රක්ෂණයක්
- ජීවිතය අහිමිවීමකට හේතුවන අනතුරකදී, රක්ෂිතයාට රු. 100,000ක පෞද්ගලික අනතුරු ආවරණයක් නොමිලේ හිමිවේ.
දේශයේ ආර්ථිකයට අතිශය වැදගත් වන වාණිජ මෝටර් රථ (කුලී කාර්, ද්විත්ව කාර්යය වාහන, පෞද්ගලික සහ කුලී ලොරි රථ ඇතුළු) සඳහා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වාණිජ රක්ෂණය මඟින් විශේෂිත ආවරණයක් පිරිනැමේ.
මාර්ගගත ගෙවීම්, සියළු වීසා, මාස්ටර්, AMEX කාඩ්පත් වැනි මුදල් රහිත ගෙවීම් සහ Mcash ආදී විකල්පයන් රැසක් හරහා ගෙවීම් සිදුකර, හොඳම රක්ෂණ වාරික ලබාගත හැක.
කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගෙවීම් සිදු කිරීමේදී (පොළී නොමැතිව කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම ඇතුළුව) නම්‍යශීලී ගෙවීම් සැලසුම් සඳහා සුදුසුකම් ලබාගැනීමේ හැකියාව.
ඔබට දැන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික ද්වාරය (Customer Portal) හරහා, මාර්ගගතව ඔබේ මෝටර් රක්ෂණ ඔප්පුව අලුත් කළ හැක.
අවම ලියකියවිලි සහිතව සියළු හිම්කම් පියවනු ලැබේ.
අනතුරක් සිදුවූ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකට කඩිනමින් පැමිණීමට අපගේ වෘත්තීය සුදුසුකම්ලත් 175කට අධික තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම සූදානම්ව සිටී. ඔවුන් හානිය තක්සේරු කර, අලුත්වැඩියා අනුමැතිය ලබාදීම මගින් ඔබගේ වාහනය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහය වනු ඇත.
වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් වන තෙක්, හිමිකරුගේ ගිණුමක් නොමැතිව අනුමත නියෝජිතයකුගෙන් මුදල් රහිත (cashless) අලුත්වැඩියා කරගැනීමේ පහසුකම.
රු. 100,000 - රු. 500,000 අතර හිමිකම් සඳහා, අලුත්වැඩියා බිල්පත් සහ ගලවාගත් කොටස් ඉදිරිපත් නොකරම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්හි හවුල්කාර ගරාජයන්ගෙන් වාහනය අලුත්වැඩියා කරගන්න.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් හවුල්කාර ගරාජයන්ගෙන් ඔබේ වාහනය අලුත්වැඩියා කරගෙන, පහත ප්‍රතිලාභ අත්විඳින්න:
ඉහත රක්ෂණයේ ප්‍රතිලාභ සම්බන්ධව කිසියම් සීමාකිරීම්, නියමයන්, කොන්දේසි සහ බැහැර කිරීම් සඳහා කරුණාකර රක්ෂණ ඔප්පු ලේඛනය සහ/ හෝ උපලේඛනය බලන්න.
ඇදගෙන යාම් ගාස්තු ප්‍රතිපූරණය, පුද්ගලික අනතුරු ප්‍රතිලාභ සහ රියදුරු ආරක්ෂණ ප්‍රතිලාභ සහිතව සකස් කරන ලද රක්ෂණාවරණයක් ලබා ගන්න.
අයදුම් කරන්න