මෝටර් ප්ලස් රයිඩර්

මෝටර් ප්ලස් රයිඩර්

මෙරට යතුරුපැදිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවට අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ආයතනය විසින් ඔවුන් වෙනුවෙන්ම "මෝටර් ප්ලස් රයිඩර්" නමින් සුවිශේෂී රක්ෂණ ඔප්පුවක් හඳුන්වා දී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ යතුරුපැදිකරුවන් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද පළමු රක්ෂණ ඔප්පුව ලෙස, ක්ෂේත්‍රයේ පුරෝගාමී මුලපිරීමක් සනිටුහන් කරයි.

සුවිශේෂී ප්‍රතිලාභ

හිමිකම් පියවීම

  • අලුත්වැඩියා ඇස්තමේන්තුවක්, අලුත්වැඩියා බිල්පත්, ගලවන ලද කොටස් හා කම්කරු ගාස්තු සහ අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂා කිරීම් නොමැතිව, රු. 25,000ට අඩු හිමිකම් සඳහා, වැඩකරන පැය 3ක් ඇතුළත පියවීම් ලබාගන්න.

නොමිලේ පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණාවරණය

  • අනතුරක් හේතුවෙන් මරණයකදී රක්ෂිතයා සඳහා රු. 100,000ක පෞද්ගලික අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ හිමි වේ.

අමතර ප්‍රතිලාභ

දැරිය හැකි රක්ෂණ වාරික

මාර්ගගත ගෙවීම්, සියළු වීසා, මාස්ටර්, AMEX කාඩ්පත් වැනි මුදල් රහිත ගෙවීම් සහ Mcash ආදී විකල්පයන් රැසක් හරහා ගෙවීම් සිදුකර, හොඳම රක්ෂණ වාරික ලබාගත හැක.

මාර්ගගතව රක්ෂණය නැවත අලුත් කිරීම

ඔබට දැන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික ද්වාරය (Customer Portal) හරහා, අන්තර්ජාලයෙන් ඔබේ මෝටර් රක්ෂණ ඔප්පුව අලුත් කළ හැක.

නිවැරදි හිමිකම් පියවීම්

අවම ලියකියවිලි සමඟ සම්පූර්ණ රක්ෂණ හිමිකම් නිවැරදිව පියවනු ලැබේ.

ස්ථානීය පරීක්ෂා (Onsite Inspection)

අනතුරක් සිදුවූ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකට කඩිනමින් පැමිණීමට අපගේ වෘත්තීය සුදුසුකම්ලත් 175කට අධික තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම සූදානම්ව සිටී. ඔවුන් හානිය තක්සේරු කර, අලුත්වැඩියා අනුමැතිය ලබාදීම මගින් ඔබගේ වාහනය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහය වනු ඇත.

යෝග්‍යතාව

  • රක්ෂණ හිමියා වයස අවුරුදු 18ට වැඩි අයෙකු විය යුතුය.
  • රක්ෂණ හිමියාට අදාළ වාහනය සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය.
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව රක්ෂණ ගිවිසුමකට එළඹීමට රක්ෂණ හිමියා සුදුසුකම් සපුරා තිබිය යුතුය.
  • රක්ෂණය කරනු ලබන වාහන ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ තිබිය යුතුය.

ඉහත නිෂ්පාදනයේ ප්‍රතිලාභවල සීමාවන්, නියමයන්, කොන්දේසි සහ බැහැර කිරීම් සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා, රක්ෂණ ඔප්පුව සහ/හෝ උපලේඛනය පරිශීලනය කරන්න.

යතුරුපැදිකරුවන් වෙනුවෙන්ම හඳුන්වාදුන් සුවිශේෂී රක්ෂණාවරණය

පැය තුනක් ඇතුලත ලබාදෙන රුපියල් ලක්ෂ 1ක පුද්ගලික අනතුරු ආවරණය, ස්ථානීය පරීක්ෂණ සහ නම්‍යශීලී සැලසුම් භුක්ති විඳින්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න