මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි

මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි

ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ආයතනය විසින් කාන්තාවන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද, මෙරට පළමු පුළුල් මෝටර් රථ රක්ෂණය ලෙස "මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි" හඳුන්වා දී ඇත. කාන්තා රියදුරුවරියන්ගේ සුවිශේෂී අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන, ඒ වෙනුවෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමන මෙම රක්ෂණ ඔප්පුව, ඔබට උසස් මට්ටමේ ආවරණයක් මෙන්ම, ඔබේ මනසට සැහැල්ලුවක් ලබා දෙනු ඇත.

කාන්තාවන් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ

කෝල් ඇන්ඩ් මූව් පහසුකම

  • සවස 6 සිට උදේ 6 දක්වා කාල සීමාව තුළ අනතුරක් සිදු වූ අවස්ථාවකදී කෝල් ඇන්ඩ් මූව් පහසුකම ලබා දෙනු ලැබේ.

හදිසි නවාතැන් වියදම් ප්‍රතිපූරණය

  • නිවසින් කිලෝමීටර 100ක් පමණ දුරස්ථ ප්‍රදේශයකදී වාහන අනතුරක් හේතුවෙන් මග රැඳීමට සිදු වුවහොත් නවාතැන් වියදම් ආවරණය කිරීම.

මාර්ගගත පරීක්ෂාව (Online Inspection)

  • මාර්ගගත පරීක්ෂා සහාය (Online Inspection) යනු ඩිජිටල් සේවාවක් වන අතර, එමගින් අනතුරකින් පසු රක්ෂණ හිමියන් හට ඔවුන්ගේ වාහනය සුදුසුකම් ලද පරීක්ෂකවරයකු හරහා දුරස්ථව පරීක්ෂා කරගෙන, තක්සේරුවක් ලබා ගැනීමට හැකියාව ලබා දේ. රක්ෂණ හිමියන් හට පහසුවෙන් තම වාහනයේ වීඩියෝ රක්ෂණකරුගේ වෙබ් අඩවිය හෝ මොබයිල් යෙදුම (Mobile App) වෙත උඩුගත කළ හැකි අතර, ඉන් පසුව සුදුසුකම්ලත් පරීක්ෂකවරයකු විසින් දුරස්ථව හානිය ඇගයීමකට ලක් කර, සවිස්තරාත්මක වාර්තාවක් ලබා දීම සිදු කරනු ලබයි.
  • මාර්ගගත පරීක්ෂා සහාය සේවාව (Online Inspection) මඟින් පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවකදී තම වාහනය තක්සේරු කරගැනීමේ පහසුව හිමි වේ. මෙමඟින් ඔවුන්ට සාම්ප්‍රදායික කාර්යාල වේලාවන්ගෙන් බැහැරව, දුරස්ථ ස්ථානයක සිට වුවද තම වාහනයේ විස්තර ලබා දී, පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඉන් රක්ෂණ හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය තවත් පහසු වේ.

ලෝයල්ටි ප්‍රතිලාභ

වට්ටම් සහ දීමනා

    හවුල්කාර ජාලයන් හරහා සේවා සහ මිලදී ගැනීම් සඳහා වට්ටම්.

වෙනත් ප්‍රතිලාභ

ස්ථානීය පරීක්ෂා (Onsite Inspection)

අනතුරක් සිදු වූ අවස්ථාවක හානිය තක්සේරු කර, අලුත්වැඩියා කටයුතු පහසු කරවීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් විසින් ස්ථානීය පරීක්ෂාවක් (Onsite Inspection) ලබා දෙමින්, නිරවද්‍ය හිමිකම් නිරාකරණය කිරීමක් සහ ඉක්මන් විසඳුමක් සහතික කරනු ලැබේ.

රුපියල් 100,000ට අඩු හිමිකම් වැඩකරන පැය 3ක් ඇතුළත පියවීම

සිදුවීමකින් පසු අවම බාධාවන් සහතික කරමින්, කඩිනම් ක්‍රියාවලියක් හරහා හිමිකම් ප්‍රතිපූරණය කරනු ලැබේ.

දැරිය හැකි රක්ෂණ වාරික

ඔබගේ මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන තරගකාරී රක්ෂණ වාරික පිරිනමමින්, දැරිය හැකි මිලකට පරිපූර්ණ රක්ෂණයක් සහතික කරනු ලැබේ.

පහසු ගෙවීම් සැලසුම්

ඔබේ මූල්‍ය පහසුවට අනුව කොටස් වශයෙන් වාරික මුදල් ගෙවිය හැකි අතර, ඒ සඳහා විවිධ ගෙවීම් ක්‍රම පිළිගනු ලැබේ.

මාර්ගගතව රක්ෂණය අලුත් කර ගන්න

අපගේ ඔන්ලයින් වේදිකාව (Customer Portal) හරහා රක්ෂණය අලුත් කරගැනීමේ පහසුව ලබාගෙන, කාලයත් ශ්‍රමයත් ඉතිරි කර ගන්න.

නිරවද්‍ය සහ කඩිනම් හිමිකම් පියවීම්

අපහසුතාවයන් අවම කරවමින් කඩිනමින් හිමිකම් පියවීම් සිදු කරනු ලැබේ.

පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් නොමිලේ

ඔබේ රක්ෂණ ඔප්පුවේ අගය ඉහළ නංවමින්, නොමිලේ පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණයක් මේ සමග පිරිනැමෙයි.

වායු බෑග් (Air bag) රක්ෂණ ආවරණය

අනතුරකදී ක්‍රියාත්මක වූ වායු බෑග් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන ආවරණයක්.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි හවුල්කාර ගරාජයන්ගෙන් වාහන අලුත්වැඩියා කරගන්න

උසස් සහ විශ්වාසවන්ත අලුත්වැඩියා සේවාවන් සමඟින් මුදල් රහිත අලුත්වැඩියා සේවාවන් පහසුවෙන් ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්හි බලයලත් හවුල්කාර ගරාජයන් වෙත ප්‍රවේශය.

මුදල් රහිත අලුත්වැඩියා පහසුකම්

හවුල්කාර ගරාජ ජාලය සමග සෘජු ගෙවීම් ක්‍රමවේදයක් අනුගමනය කරමින්, ඔබට මුදල් කලින් නොගෙවා අලුත්වැඩියා කරගැනීමේ පහසුකම සලසනු ලැබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි හවුල්කාර ගරාජයන්ගෙන් ප්‍රතිලාභ ලබන්න

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්හි අනුමත පුළුල් ගරාජ ජාලයක විශේෂ ගාස්තු සහ සේවාවන් ලබාගනිමින්, විශ්වසනීය සහ ගුණාත්මක අලුත්වැඩියාවක් සහතික කරගන්න.

යෝග්‍යතාව

  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
  • වාහනය රක්ෂණ ඔප්පු හිමියා නමින් ලියාපදිංචි කර ඇති හෝ ප්‍රධාන වශයෙන් ඇය විසින් ධාවනය කරනු ලබන්නක් විය යුතුය.
  • රක්ෂිතයා කාන්තාවක් විය යුතුය.
  • වයස අවුරුදු 18ට වැඩි කාන්තාවක් විය යුතුය.
  • රක්ෂණ ඔප්පු හිමියාට ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය.
  • රක්ෂණය කරන වාහන ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ තිබිය යුතුය

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

මෙම විශේෂයෙන් සකස් කරන ලද රක්ෂණය, මෝටර් රථ රක්ෂණයකින් ආරක්ෂාව සහ පහසුව අපේක්ෂා කරන නවීන කාන්තාවන් සඳහා ඉතා සුදුසුය.

විශ්වාසයෙන් ඔබගේ ගමන බලගන්වන්න

කාන්තාවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද රක්ෂණාවරණයකින් ඔබගේ වාහනය සහ ඔබව සුරක්ෂිත කරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න