අප ගැන

අපේ කතාව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC ජෙනරල්) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ ආයතනය ලෙස වසර හැටකට අධික කාලයක් පුරා මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වාසය තහවුරු කර ඇත. අපගේ අනන්‍ය විශේෂත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳ නොසැලෙන කැපවීම තුළින්, ජාතියේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම අප වගකීමෙන් යුතුව ඉටු කරන්නෙමු.

SLIC Professionals

අපේ උරුමය

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස පිළිගැනීමට ලක් කර ඇති SLIC ජෙනරල්, ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තම රක්ෂණ අරමුණු සපුරා ගැනීමට නිරතුරුවම පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට මඟ පෙන්වා දී ඇත. රක්ෂණ සේවාවන්හි විශිෂ්ටත්වය තුළින් ඔබට සම්පූර්ණ මානසික සැනසීමක් ලබා දීම අප අරමුණයි.

පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය

SLIC ජෙනරල් ආයතනයේ අපගේ සමස්ත මෙහෙවරේ හදවත වන්නේ අපගේ පාරිභෝගිකයන්ය. ඔබගේ ව්‍යාපාරික සහ පුද්ගලික වත්කම් අනපේක්ෂිත හානි හා අවදානම්වලින් සුරක්ෂිත කරගැනීමේ වැදගත්කම අප හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඒ සඳහා, විශාල සහ නව්‍ය රක්ෂණ විසඳුම් මඟින් ඔබට උපරිම සුරක්ෂිතභාවයක් සහතික කිරීම අපගේ වගකීමයි.

පුළුල් රක්ෂණ විසඳුම්

අපගේ කාර්යක්ෂම සහ කැපවූ කණ්ඩායම, ඔබගේ රක්ෂණ අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමටත්, ලේඛන කටයුතු හා රක්ෂණ පියවීම් සාර්ථකව සිදු කිරීමටත් නිරන්තරයෙන් සූදානම්ව සිටී. අපගේ ස්ථිර කැපවීම තුළින්, අද මෙන්ම අනාගතයේදීත් උසස් රක්ෂණ නිෂ්පාදන හා සේවා අඛණ්ඩව ඔබට ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.

පුළුල් ශාඛා ජාලය

රට පුරා ශාඛා සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 190කට අධික සංඛ්‍යාවක් දක්වා අපගේ සේවා ව්‍යාප්ත කර ඇති බව අපි දන්වන්නේ ඉමහත් සතුටකින්. මෙම පුළුල් ශාඛා ජාලය ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප්‍රවේශ විය හැකි සහ පුද්ගලාරෝපිත රක්ෂණ සේවා සැපයීමට අපගේ ඇති කැපවීමට හොඳම සාක්ෂියකි.

අපගේ කැපවීම

අපගේ මෙහෙවරේ මූලික පදනම වන්නේ අපගේ පාරිභෝගිකයන්ය. ඔබගේ වත්කම් ආරක්ෂා කිරීමේ සහ මානසික සැනසීම සහතික කිරීමේ වැදගත්කම අපි හොඳින් හඳුනාගෙන සිටිමු. වසර ගණනාවක් පුරා ගොඩනැඟුණු විශ්වාසයේ සහ සුරක්ෂිතභාවයේ උරුමයකින් ශක්තිමත් වූ SLIC ජෙනරල්, ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන උසස් රක්ෂණ විසඳුම් ලබා දීමට සැම විටම කැපවී සිටී.

තත්ත්ව සහතික සහ සම්මාන

විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් සමාගමේ කැපවීම, විවිධ ගෞරවාන්විත සම්මාන සහ සහතික හරහා පිළිගැනීමට ලක්ව ඇත, මේ ඒවායින් කිහිපයක්:

2017, 2018, 2019 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී, මහා පරිමාණ සේවා අංශයේ කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීම් සහතිකයක් හිමිකර ගැනීම.

Greenhouse Gas Certification in line with ISO standards (ISO 14064-1:2018), verified under ISO 14064-3:2019

තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (ISMS) සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීම.

LMD සමීක්ෂණයට අනුව 2018 සිට 2023 දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වීම.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයට අනුව, 2018 සිට 2025 දක්වා අඛණ්ඩව මෙරට වඩාත්ම වටිනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වීම.

ISO 9001:2015 - තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය.

දැක්ම

අවදානම ආරක්ෂාව තුල ජාතියේ පළමු තේරීම බවට පත්වීම අප දැක්මයි.

අරමුණ

සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද රක්ෂණ විසඳුම් සමඟ, ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරමින් සියලුදෙනාටම රක්ෂණය කරා එළඹීමට කටයුතු කරමු.

මූලික වටිනාකම්

ආයතනය තුළ සිටින සියළුම සේවකයින්ගේ ඵලදායී සන්නිවේදනය, පුහුණුව, අභිප්‍රේරණය සහ අවබෝධය තුළින් ගුණාත්මක අරමුණු ස්ථාපිත කිරීම සඳහා රාමුවක් අපි සපයන අතර, ඒවා වරින් වර සමාලෝචනය කරන්නෙමු.

අඛණ්ඩතාව

අපගේ සියළු සම්බන්ධතා තුළ ඉහළම සදාචාරාත්මක ප්‍රමිතීන්, විනිවිදභාවය සහ අවංකභාවය පවත්වා ගැනීම.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය

පාරිභෝගිකයන් අප සිදු කරන සෑම දෙයකම මූලික පදනම ලෙස සලකා, ඔවුන්ට ගැළපෙන විසඳුම් සහ විශිෂ්ට සේවාවක් සැපයීම.

නවෝත්පාදනය

නිරතුරු වෙනස් වන රක්ෂණ ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව වැඩිදියුණු වීමට සහ ඉදිරියෙන් සිටීමට නිර්මාණශීලීත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව ඇති කරගැනීම.

කණ්ඩායම් සහයෝගීතාවය

සාමූහික හා සහයෝගී පරිසරයක් ගොඩනඟා, අපගේ ගමනට සෑම පුද්ගලයෙකුගෙන්ම ලැබෙන දායකත්වය අගය කිරීම.

සමාජ වගකීම

ජීවිත සවිබල ගන්වා, තිරසාර සංවර්ධන මුලපිරීම්වලට සහයෝගය දක්වමින්, ප්‍රජාවන්ගේ සහ පරිසරයේ යහපැවැත්ම උදෙසා ආයෝජනය කිරීම.