උපද්‍රව වලින් ආරක්ෂාව
ගිනි සහ අකුණු, පිපිරීම්, භූමි කම්පා, කුණාටු/ සුලි කුණාටු/ චණ්ඩ මාරුත සහ ගංවතුර, ස්වභාවික විපත්, ගස් කඩාවැටීම්, දුරකථන සහ විදුලි රැහැන් කණු කඩාවැටීම්, ගුවන්යානා හානි, සොරකම්, නිවාස බිඳීම් හෝ සොරකම් කිරීමේ උත්සාහයන් සඳහා ආවරණය.
අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි අවදානම් සහ වගකීම් හමුවේ, ඔබ සතු වඩාත්ම වටිනා වත්කම වන ඔබේ නිවස සුරක්ෂිත කරගැනීමට හොඳම ආවරණයක් වන්නේ හෝම් ප්‍රොටෙක්ට් රක්ෂණ සැලැස්මයි. හෝම් ප්‍රොටෙක්ට් විසින්, ආපදා අවස්ථාවකදී ඔබේ නිවස, පවුල, ඔබේ වටිනා භාණ්ඩ සහ නිවසේ සේවක සේවිකාවන් ආවරණය කරනු ලැබේ.
ගොඩනැගිල්ල පෞද්ගලික වාසස්ථානයක් / නිවසක් ලෙස පමණක් භාවිතා කළ යුතු අතර, වෙනත් කාර්යයන් සඳහා හෝ ගෘහස්ථ කර්මාන්ත සඳහා භාවිතා නොකළ යුතුය.
නිවස යහපත් අලුත්වැඩියා තත්ත්වයක පැවැතිය යුතුය.
ගඩොල්/ කොන්ක්‍රීට්/ බ්ලොක් ගල්වලින් නිමකළ බිත්තිවලින් සමන්විත, වහලක් සහිත ගොඩනැගිල්ලක් විය යුතුය.
ගිනි සහ අකුණු, පිපිරීම්, භූමි කම්පා, කුණාටු/ සුලි කුණාටු/ චණ්ඩ මාරුත සහ ගංවතුර, ස්වභාවික විපත්, ගස් කඩාවැටීම්, දුරකථන සහ විදුලි රැහැන් කණු කඩාවැටීම්, ගුවන්යානා හානි, සොරකම්, නිවාස බිඳීම් හෝ සොරකම් කිරීමේ උත්සාහයන් සඳහා ආවරණය.
ත්‍රස්තවාදී ක්‍රියා, කෝලාහල, වැඩවර්ජන හා සිවිල් නොසන්සුන්තාවයන්, ද්වේෂ සහගත හානි පැමිණවීම්
සවිකර ඇති තහඩු හෝ වීදුරුවලට සිදුවන හානි
නම් කරන ලද පවුලේ සාමාජිකයන් සඳහා පෞද්ගලික අනතුරු රක්ෂණයක් සහ හදිසි අනතුරු මඟින් ගෘහස්ථ සේවකයන් හට සිදුවිය හැකි ජීවිත හානි හෝ පූර්ණ ආබාධිතබවට පත්වීම් - රැකියාවේදී සිදුවන තුවාල සහ ආබාධ සඳහා රෝහල්ගතවීමේ දීමනා (වයස් සීමාව අවුරුදු 60)
අත් කණ්ණාඩි නොවන කැඩපත් අත්වැරදීමකින් බිඳීම
පොදු වගකීම් රක්ෂණය
රක්ෂිතයා සඳහා පෞද්ගලික හදිසි අනතුරු ආවරණය සහ ස්වභාවික මරණ ආවරණය (වයස් සීමාව අවුරුදු 70 දක්වා)
ගොඩනැගිලි, ගේට්ටු, පිහිනුම් තටාක, මායිම් තාප්ප ආදිය
ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපකරණ ආදිය
ස්වර්ණාභරණ, නිවසේ ඇති පෞද්ගලික මුදල්, ඉලෙක්ට්‍රොනික උපකරණ (ලැප්ටොප්, දුරකථන, පෞද්ගලික කැමරා, ටැබ්ලට් සහ පරිගණක ආදිය), සංගීත භාණ්ඩ වැනි නිවසේ ඇති වටිනා සහ පෞද්ගලික භාණ්ඩ
සිතුවම් සහ පෞරාණික භාණ්ඩ
සුන්බුන් ඉවත් කිරීම, නැවත ඉදිකිරීමේ කාලසීමාවන් තුළදී විකල්ප වාසස්ථාන ලබාදීම ආදී වියදම්
නිවාස පරිශ්‍රය තුළ සේවා සැපයුම් මාර්ගවලට සිදුවන හානි (විදුලිය, ජලය, ගෑස් සැපයුම් වැනි)
වෘත්තීමය ගාස්තු (ඉංජිනේරු, මිනින්දෝරු සහ ගෘහ නිර්මාණශිල්පී වියදම්)
ලේඛන හා ඔප්පු නැවත සකස්කර ගැනීමේ වියදම්
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
හානි පූර්ණ සර්ව රක්ෂණ ආවරණයකින් ඔබේ නිවස, දේපළ සහ ආදරණීයයන් සුරක්ෂිත කරන්න.
අයදුම් කරන්න