සොර බිය රක්ෂණය

සොර බිය රක්ෂණය

අපගේ සොර බිය රක්ෂණ ඔප්පුව මඟින්, නිවාස බිඳීම් හේතුවෙන් ඔබගේ දේපළවලට සිදුවිය හැකි අලාභ හා හානිවලින් ඔබගේ නිවස සහ දේපළ ආරක්ෂා කර ගන්න. තනි නිවාස සඳහා වඩාත් සුදුසු මෙම පුළුල් රක්ෂණ ඔප්පුව මඟින් ඔබගේ නිවස සහ වටිනා දෑ වල ආරක්ෂාව තහවුරු කෙරන අතර, ඔබගේ කාර්යබහුල ජීවන රටාවට කිසිදු බාධාවක් එකතු නොකර, මානසික සැනසීම ලබා දෙයි.

නියමයන් සහ කොන්දේසි

  • ගොඩනැගිල්ල පෞද්ගලික වාසස්ථානයක් ලෙස පමණක් භාවිතා කළ යුතු අතර, වෙනත් කිසිදු අරමුණක් සඳහා හෝ ගෘහාශ්‍රිත කර්මාන්ත සඳහා භාවිතා නොකළ යුතුය.
  • පරිශ්‍රය හොඳ තත්ත්වයකින් නඩත්තු කළ යුතුය.
  • ගොඩනැගිලි ව්‍යුහය ගඩොල්, කොන්ක්‍රීට් හෝ සිමෙන්ති කුට්ටි වලින් බිත්ති බැඳ, වහලයක් සහිතව ඉදිකර තිබිය යුතුය.
  • පදිංචිව නොසිටින විට හෝ රාත්‍රී කාලයේදී දොර නිසි ලෙස යතුරකින් අගුළු දමා තිබිය යුතුය.
  • ජනෙල්, වා කවුළු ආදිය යකඩ දැල් හෝ ග්‍රිල් වලින් ආවරණය කර තිබිය යුතුය.

ප්‍රතිලාභ

දේපළ අහිමි වීම සඳහා රක්ෂණාවරණය

  • සොරකම්/නිවාස බිඳීම් හේතුවෙන් ගෘහ භාණ්ඩ, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, වටිනා භාණ්ඩ, චිත්‍ර, පුරාවස්තු වැනි දේපළවලට සිදුවන අලාභ සඳහා රක්ෂණාවරණය සපයයි.

දේපළ හානි සඳහා රක්ෂණාවරණය

  • බලහත්කාරයෙන් ඇතුළු වීම, පිටවීම හෝ ඊට උත්සාහ කිරීමේදී දේපළවලට (අගුළු, දොරවල්, ජනෙල් ආදිය) සිදුවන හානි සඳහා රක්ෂණාවරණය සපයයි.

පහසු හිමිකම් පියවීම

  • පහසු හිමිකම් පියවීමේ ක්‍රියාවලියක් ලබා දෙයි.

යෝග්‍යතාව

  • රක්ෂණ හිමියාට අදාළ වත්කම සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය.
  • ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට අනුකූලව රක්ෂණ ගිවිසුමකට එළඹීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය.
  • රක්ෂණය කරනු ලබන දේපළ/වත්කම් ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ පිහිටා තිබිය යුතුය.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

සොර බිය රක්ෂණයකින් ඔබේ නිවස ආරක්ෂා කර ගන්න

බලහත්කාරයෙන් කඩා වැදීම් සහ පාඩු වලට එරෙහිව සාවධානික ආවරණයකින් ඔබේ නිවස සහ වටිනා දෑ ආරක්ෂා කරන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න