ට්‍රැවල් ප්‍රොටෙක්ට්

ට්‍රැවල් ප්‍රොටෙක්ට්

විදෙස් සංචාරයන් සඳහා විශේෂයෙන් සකස් කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ට්‍රැවල් ප්‍රොටෙක්ට් සංචාරක රක්ෂණාවරණය, පිටත්වන මොහොතේ සිටම ඇතිවිය හැකි විවිධ අපහසුතාවයන්ට රක්ෂණාවරණය සපයයි. ඔබගේ සංචාරක ගමන් බෑගයට හානිවීම/ හානිකිරීමේ අවධානමේ සිට අනපේක්ෂිත විදේශ වෛද්‍ය වියදම් වැනි හදිසි අවස්ථා දක්වා ආවරණය සපයන ට්‍රැවල් ප්‍රොටෙක්ට් සංචාරක රක්ෂණය, මානසික සැනසීම සහිත සංචාරයක් සහතික කර, ඔබගේ නිවසේ සුරක්ෂිතතාව ද තහවුරු කරයි.

ප්‍රතිලාභ

සෞඛ්‍ය ප්‍රතිලාභ

  • විදේශයන්හි සිදුවන හදිසි අනතුරු සඳහා වෛද්‍ය වියදම්.
  • ආපසු පැමිණි පසු ශ්‍රී ලංකාවේදී කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර වියදම්.
  • හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යෑම වියදම්.
  • මෘත දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වියදම්.
  • රෝහල් දෛනික දීමනාව.
  • හදිසි දුරකථන ගාස්තු.

හදිසි අනතුරු ප්‍රතිලාභ

  • හදිසි මරණ සහ ස්ථීර ආබාධිත වීමකදී වන වියදම් (ADPD).
  • ADPD පොදු ප්‍රවාහන ද්විත්ව ආවරණය.
  • දේශීය භූමදාන වියදම්.
  • ළමා අධ්‍යාපන සුරක්ෂාව.
  • දයානුකම්පිත සංචාර පහසුකම්.
  • බාල වයස්කාර දරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීම.

පෞද්ගලික දේපළ ප්‍රතිලාභ

  • ගමන් මලු සහ පෞද්ගලික භාණ්ඩ අහිමි වීම හෝ හානි වීම.
  • ගමන් මලු ප්‍රමාද වීම.
  • විදේශ ගමන් බලපත්‍රය සහ සංචාරක ලියකියවිලි අහිමි වීම.

සංචාරක අපහසුතා ප්‍රතිලාභ

  • සංචාරය ප්‍රමාද වීම හෝ අවලංගු වීම.
  • සංචාරක කාලසීමාව සීමා කිරීම.
  • ආසන වෙන්කරන ලද ගුවන්යානයේ ගමන් කිරීමට නොහැකිවීම.
  • ගුවන් ගමන් මාර්ග වෙනතකට ගමන් කිරීම.
  • සැළසුම් කළ සංචාර ප්‍රමාද වීම.
  • පිටත්වීමට පවතින/ඊළඟ සම්බන්ධ වන ගුවන් ගමන් මඟ හැරීම.
  • හදිසි මූල්‍යමය සහාය.

අතිරේක ප්‍රතිලාභ

  • පෞද්ගලික නෛතික වගකීම.
  • ගුවන්‍ යානා පැහැර ගැනීම්.
  • ගොල්ෆ් ක්‍රීඩා ප්‍රතිලාභ.
  • නිවාස සුරක්ෂිතතාවය (පිටත්වන දින සිට දින 30ක් දක්වා ආවරණය).
  • නීතිමය ගාස්තු.
  • කුලී වාහන ගෙවීම්.
  • සංචාරක ගමන් කාලය ස්වයංක්‍රීයව දීර්ඝ වීම (උපරිම දින 15).
  • පැය 24 පුරා හදිසි සහාය (සංචාරක සහ වෛද්‍ය සහාය).

ට්‍රැවල් ප්‍රොටෙක්ට් රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් සංචාරක රක්ෂණ සැලසුම් 4ක් පිරිනමනු ලබයි:

ආසියා 25

  • ජපානය හැර අනෙකුත් ආසියානු රටවල සංචාරක ගමනාන්ත සඳහා විශේෂයෙන් සකස් කර ඇත.
  • රක්ෂිත මුදල: ඇමරිකානු ඩොලර් 25,000.

සිල්වර්

  • ඇමරිකා එක්සත් ජනපදය/කැනඩාව හැර ලොව පුරා අනෙකුත් රටවල සංචාරක ගමනාන්ත සඳහා වන රක්ෂණාවරණය.
  • ලොව පුරා ඕනෑම රටක සංචාරක ගමනාන්තයක් සඳහා වන රක්ෂණාවරණ (රජයේ සේවකයින් සඳහා පමණි)
  • රක්ෂිත මුදල: ඇමරිකානු ඩොලර් 25,000.

ගෝල්ඩ්

  • ජපානය හැර අනෙකුත් ආසියානු සංචාරක ගමනාන්ත සඳහා විශේෂයෙන් සකස් කර ඇත.
  • ඇමරිකා එක්සත් ජනපදය/කැනඩාව හැර ලොව පුරා සංචාරක රක්ෂණාවරණය.
  • ලොව පුරා සංචාරක රක්ෂණාවරණය.
  • රක්ෂිත මුදල: ඇමරිකානු ඩොලර් 50,000.

ප්ලැටිනම්

  • ඇමරිකා එක්සත් ජනපදය/කැනඩාව හැර ලොව පුරා සංචාරක රක්ෂණාවරණය.
  • ලොව පුරා සංචාරක රක්ෂණාවරණය.
  • රක්ෂිත මුදල: ඇමරිකානු ඩොලර් 100,000.

යෝග්‍යතාව

  • රක්ෂණ හිමියන්ගේ වයස අවුරුදු 80 නොඉක්මවිය යුතුය.
  • එක් සංචාරයක් සඳහා උපරිම කාල සීමාව දින 180 කි.
  • බහු සංචාර සඳහා එක් සංචාරයකට උපරිම කාලය අඛණ්ඩව දින 45/90 කි. (රක්ෂණ කාල සීමාව තුළ අසීමිත සංචාර ගණනක්).
  • පවුලේ සාමාජිකයන් 1-2 වැඩිහිටියන් සඳහා ආවරණය. (මාස 6 සිට අවුරුදු 18 දක්වා දරුවන් අසීමිත සංඛ්‍යාවක්.)
  • අවුරුදු 18 ට අඩු සියළුම දරුවන් සඳහා සාමාන්‍ය ගාස්තුවෙන් 50%ක වට්ටමක්. (දෙමාපියන් සමඟ ගමන් කරන විට පමණි).

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

බාධාරහිත ගෝලීය රක්ෂණයක් සඳහා ට්‍රැවල් ප්‍රොටෙක්ට්

අනපේක්ෂිත ප්‍රමාදයන්, වෛද්‍ය සහ නිවාස ආරක්ෂණය වැනි සියලු දෑ ආවරණය වන සැලකිලිමත් ආරක්ෂණයකින් ලොව පුරා විශ්වාසයෙන් යුතුව ගමන් කරන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න