මෝටර් ප්ලස් ටුක්

මෝටර් ප්ලස් ටුක්

මෝටර් ප්ලස් ටුක්, පුළුල් රක්ෂණ ආවරණයකට අත්‍යවශ්‍ය සියලුම ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වනවා පමණක් නොව, අමතර ප්‍රතිලාභ රැසක්ද පිරිනමයි. මෙය සාමාන්‍ය රක්ෂණයකට එහා ගිය, ත්‍රී රෝද රථ හිමියන් වෙනුවෙන්ම සකස් කරන ලද විශේෂිත ආවරණයකි.

සුවිශේෂී ප්‍රතිලාභ

හිමිකම් පියවීම

  • අලුත්වැඩියා ඇස්තමේන්තු, අලුත්වැඩියා බිල්පත්, ගලවන ලද කොටස් හෝ කම්කරු ගාස්තු පිළිබඳ කිසිදු කරදරයකින් තොරව, රුපියල් 50,000ට අඩු හිමිකම් ඉල්ලීම්, වැඩකරන පැය 3ක් වැනි කෙටි කාලයක් තුළදී කඩිනමින් පියවා ගැනීමට මෝටර් ප්ලස් ටුක් අවස්ථාව සලසයි. අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂා කිරීම් පවා මෙහිදී අවශ්‍ය නොවේ.

ඇදගෙන යාමේ වියදම් ප්‍රතිපූරණය

  • වාර්ෂිකව රු. 5,000ක උපරිම සීමාවක් දක්වා ඇදගෙන යාමේ වියදම් ප්‍රතිපූරණය කිරීම.

නොමිලේ පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණයක්

  • ජීවිතය අහිමිවීමකට හේතුවන අනතුරකදී, රක්ෂිතයාට රු. 100,000ක පෞද්ගලික අනතුරු ආවරණයක් නොමිලේ හිමිවේ.

අමතර ප්‍රතිලාභ

දැරිය හැකි මිලට රක්ෂණ වාරික

මාර්ගගත ගෙවීම්, සියළු වීසා, මාස්ටර්, AMEX කාඩ්පත් වැනි මුදල් රහිත ගෙවීම් සහ Mcash ආදී විකල්පයන් රැසක් හරහා ගෙවීම් සිදුකර, හොඳම රක්ෂණ වාරික ලබාගත හැක.

මාර්ගගතව රක්ෂණය අලුත් කිරීම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික ද්වාරය (Customer Portal) හරහා, මාර්ගගතව ඔබේ රක්ෂණ ඔප්පුව අලුත් කිරීමේ පහසුකම.

නිවැරදි පියවීම්

අවම ලියකියවිලි සහිතව සියළු හිම්කම් පියවනු ලැබේ.

ස්ථානීය පරීක්ෂා (Onsite Inspection)

අනතුරක් සිදුවූ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකට කඩිනමින් පැමිණීමට අපගේ වෘත්තීය සුදුසුකම්ලත් 175කට අධික තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම සූදානම්ව සිටී. ඔවුන් හානිය තක්සේරු කර, අලුත්වැඩියා අනුමැතිය ලබාදීම මගින් ඔබගේ වාහනය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහය වනු ඇත.

යෝග්‍යතාව

  • රක්ෂණ ඔප්පු හිමියා වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණමය අයිතියක් සහිත වාහනයක් විය යුතුය.
  • රක්ෂණ ඔප්පු හිමියාට, ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය.
  • රක්ෂණය කරනු ලබන වාහන ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ තිබිය යුතුය.

ඉහත රක්ෂණයේ ප්‍රතිලාභ සම්බන්ධ කිසියම් සීමාකිරීම්, නියමයන්, කොන්දේසි සහ බැහැර කිරීම් සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව සහ/ හෝ උපලේඛනය බලන්න.

පූර්ණ සැනසීමත් සමග ඔබේ ටුක් රථය ආරක්ෂා කරගන්න

වේගවත් හිමිකම් ගෙවීම්, ඇදගෙන යාමේ පහසුකම්, රුපියල් ලක්ෂයක අනතුරු ආවරණය සහ ත්‍රීවීලර් සඳහා විශේෂයෙන් සකස් කරන ලද සාධාරණ ගෙවීම් පහසුකම් මඟින් ප්‍රතිලාභ ලබන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න