මෝටර් ප්ලස් ඩ්‍රයිව් 60

මෝටර් ප්ලස් ඩ්‍රයිව් 60

මෝටර් ප්ලස් ඩ්‍රයිව් 60 යනු, වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂිත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදිම නිර්මාණය කර ඇති සුවිශේෂී රථවාහන රක්ෂණ සැලසුමකි. ජ්‍යෙෂ්ඨ රියදුරන්ගේ උපරිම ආරක්ෂාව සහ පහසුව සහතික කිරීම පිණිස විශේෂාංග රැසකින් සමන්විත මෙම රක්ෂණය, ඔවුන්ගේ මනසට විශාල සහනයක් හා සුවයක් ගෙන දෙනු ඇත.

ප්‍රතිලාභ

නොමිලේ ඇදගෙන යාමේ ආවරණය

  • ආවරණය කරන ලද සිදුවීම් සඳහා නොමිලේ ඇදගෙන යාමේ සේවාව. එක් අවස්ථාවකට රු. 10,000/- දක්වා ආවරණයක්.

කෝල් ඇන්ඩ් මූව් පහසුකම

මුදල් රහිත (cashless) අලුත්වැඩියා පහසුකම

  • ඔබේ අතින් එවෙලේම මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි අනුමැතිය ලත් ගරාජයකින් වාහනය අලුත්වැඩියා කරගැනීමේ පහසුකම.

බී එක්ස්ප්‍රස් දීමනා

  • රු. 100,000ට අඩු හිමිකම්, තක්සේරුවට එකඟ වී පැය 24ක් ඉක්ම යන්නට පෙර පියවීම.

අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂා කිරීම (ARI) අහෝසි කිරීම

  • වාහනයේ සුළු අලාබ අලුත්වැඩියාවකදී, හිමිකම් නිරාකරණය වේගවත් කිරීම සඳහා අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂාව සිදුනොකර හිමිකම් නිරාකරණය කිරීමේ පහසුව සලසා ඇත.

විශේෂ අලුත්වැඩියා දීමනා

  • හවුල්කාර ගරාජ ජාලය හරහා විශේෂ වට්ටම් සහ සේවාවන් ඇතුළු ප්‍රතිලාභ හිමිවීම.

අමතර කොටස් ළඟ තබාගැනීමේ හැකියාව

  • හිමිකම් රු. 50,000ට අඩුනම්, ඔප්පු හිමියාට වාහනයේ අලුත්වැඩියාවකදී අලාබ කොටස් තමා සන්තකව තබාගැනීමට අවස්ථාව සලසා ඇත.

අමතර ආවරණ විකල්ප

ආකර්ෂණීය වාරික

දැරිය හැකි මිලකට පූර්ණ ආවරණයක් සහතික වන පරිදි සකස්කරන ලද වාරික.

රෝහල්වලින් වට්ටම් පැකේජ

මෝටර් රථ අනතුරු සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජාලගත රෝහල්වලින් ලබා දෙන වට්ටම් ඇතුළත් වේ.

යෝග්‍යතාව

  • වයස් සීමාව : වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මෙයට සුදුසුකම් ලබයි.
  • රක්ෂණ ඔප්පු හිමියාගේ සුදුසුකම් : වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතු අතර, වාහනය ඔප්පු හිමියා නමින් ලියාපදිංචි කර ඇති හෝ ප්‍රධාන වශයෙන් ඔහු/ඇය විසින් ධාවනය කරනු ලබන්නක් විය යුතුය.

මෙම රක්ෂණය ජ්‍යෙෂ්ඨ රියදුරන්ගේ විශේෂ අවශ්‍යතාවන් සපුරනවා පමණක් නොව, ඔවුන්ගේ රිය පැදවීමේ අත්දැකීම සහ මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සඳහාත් විවිධ වූ සේවාවන් හරහා පුළුල් සහායක් සපයයි.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

පූර්ණ මානසික සුවතාවයක් සමගින් ඔබේ ස්වර්ණමය වර්ෂ කරා පියවර තබන්න

ජ්‍යෙෂ්ඨ රියදුරන් සඳහා සකස් කරන ලද රක්ෂණාවරණය සමග, බාධාරහිත සහාය සහ සැලකිලිමත් ප්‍රතිලාභ සමඟ කරදරයකින් තොර රිය පැදවීමක් අත්විදින්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න