මෙඩි 60

මෙඩි 60

මෙඩි 60 යනු දිවයිනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ (වයස අවුරුදු 60) සෞඛ්‍ය අවශ්‍යතාවයන් දැරිය හැකි මිලකට ආවරණය කරනු පිණිස විශේෂයෙන් සකසන ලද රක්ෂණයකි. ඔබේ මූල්‍ය ආයෝජනය මත පදනම්ව, පැකේජ 3ක් අතරින් ඔබට වඩාත් සුදුසු පැකේජය තෝරාගත හැක.

ප්‍රතිලාභ

රෝහල්ගතවීමේ ප්‍රතිලාභ - පෞද්ගලික රෝහල්

  • කාමර ගාස්තුද ඇතුළත්ව, රෝහල් සහ හෙද නිවාස නඩත්තු ගාස්තු
  • වෛද්‍ය සහ විශේෂඥ වෛද්‍ය ගාස්තු, ශල්‍ය වෛද්‍ය සහ නිර්වින්දන වෛද්‍ය ගාස්තු
  • වෛද්‍ය සහ මෙහෙයුම් වියදම්, ශල්‍යාගාර වියදම්, රෝහල්ගතවීමකදී විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත සිදු කරන පරීක්ෂණ සහ විශේෂ ප්‍රතිකාර වියදම් ඇතුළු හෙද ගාස්තු

රෝහල්ගතවීමේ ප්‍රතිලාභ - රජයේ රෝහල්

  • රජයේ රෝහල් දෛනික දීමනාව - උපරිම දින 15ක් සඳහා (COVID 19 හේතුවෙන් රජයේ රෝහල්ගතවීම - ඉහත රජයේ රෝහල් දීමනා සීමාව තුළ දිනකට රු. 1,000/-ක් ගෙවනු ලැබේ (එක් රාත්‍රියක් දිනක් ලෙස සැළකේ))
  • රජයේ රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසික රෝගියෙකු ලෙස සිටියදී මිලදී ගත් ඖෂධ සහ පරීක්ෂණ, ස්කෑන්, සහ එක්ස් කිරණ පරීක්ෂණ සඳහා දරන ලද වියදම් (බිල්පත් ඉදිරිපත් කළ යුතුය)

එක් දින සැත්කම් සඳහා වියදම්

  • එක් දින සැත්කම් 135ක් සඳහා වියදම් ආවරණය කෙරේ

අතිරේක ප්‍රතිලාභ

  • ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සහ COVID 19 ප්‍රතිකාර සඳහාද ආවරණය හිමිවේ.

පෙර සිට පැවත එන රෝග තත්ත්වයන්

  • දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය හැර අනෙකුත් පෙර පැවති රෝගාබාධ බැහැර කෙරේ.

හිමිකම් පෑම

  • රක්ෂණ ඔප්පුව ආරම්භයෙන් දින 30කින් පසු හිමිකම් පෑම සඳහා අයිතිය ඇත. මෙය හදිසි අනතුරු සඳහා අදාළ නොවේ.

පළමු වසරේදී ආවරණයෙන් බැහැර කිරීම්

  • පළමු මාස දොළහ තුළ සමහර විශේෂිත රෝග සහ සැත්කම් ආවරණයෙන් බැහැර කරනු ලැබේ.

යෝග්‍යතාව

  • වයස අවූරුදු 60 - 70 අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම රක්ෂණය ලබාගත හැකි අතර, වයස අවුරුදු 80දී ආවරණය අවසන් වේ.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

මෙඩි 60 සෞඛ්‍ය ආවරණයෙන් ඔබගේ ජ්‍යෙෂ්ඨ වයස් කාල සීමාව සතුටින් ගත කරන්න

ඔබගේ ජ්‍යෙෂ්ඨ වයස් සීමාව සඳහා ගෞරවනීය සෞඛ්‍ය සහාය, පුළුල් රැකවරණ, නම්‍යශීලී සැලසුම් ප්‍රතිලාභ භුක්ති විඳින්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න