මෝටර් ප්ලස් වාණිජ වාහන

මෝටර් ප්ලස් වාණිජ වාහන

අනපේක්ෂිත හානිවලින් ඔබේ වාණිජ වාහනය ආරක්ෂා කිරීම සඳහා, මෝටර් ප්ලස් වාණිජ රක්ෂණ ප්‍රතිපත්තිය වාණිජ වාහන මෙහෙයුම්වල දැඩි අවශ්‍යතාවන්ට සරිලන ලෙස සකස් කර ඇත. මෙම රක්ෂණාවරණය, කුලියට ගත් සහ කුලියට දුන් වාහන සඳහා ද අගය එකතු කිරීමක් සිදු කරන අතර, ඔබේ වාහන සමූහය සඳහා පුළුල් ආවරණයක් සහතික කරයි.

ප්‍රතිලාභ

අපගේ වාණිජ රක්ෂණ ප්‍රතිපත්ති දරන්නට හැකි වාරිකවලින් පුළුල් ආරක්ෂාවක් සපයන අතර, එදිනෙදා වියදම් වලට අමතර පීඩනයක් ඇති නොවන අයුරින් ඔබේ වාහන සමූහය ආවරණය කර ගැනීම සහතික කරයි.

නිරවද්‍ය පියවීම්

  • අවම ලියකියවිලි සමඟ සම්පූර්ණ රක්ෂණ හිමිකම් නිරවද්‍යව පියවීම සිදු කරනු ලැබේ.

ස්ථානීය පරීක්ෂා (Onsite Inspection)

  • අනතුරක් සිදු වූ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකට කඩිනමින් පැමිණීමට අපගේ වෘත්තීය සුදුසුකම්ලත් 175කට අධික තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම සූදානම්ව සිටින අතර, ඔවුන් හානිය තක්සේරු කර, අලුත්වැඩියා අනුමැතිය ලබාදීම මගින් ඔබගේ වාහනය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහය වනු ඇත.

හිමිකම් ප්‍රතිපූරණය

  • අලුත්වැඩියා පරීක්ෂාවෙන් පසුව රු. 100,000ට අඩු හිමිකම් සඳහා අලුත්වැඩියා ඇස්තමේන්තු, අලුත්වැඩියා බිල්පත්, යාන්ත්‍රික අවශේෂ සහ වැඩ ගාස්තු පිලිබඳ දත්ත නොමැතිව වැඩ කරන පැය 3ක් ඇතුළත ප්‍රතිපූරණය ලබා දෙයි.

ලියකියවිලි නොමැතිව වාහන අලුත්වැඩියා

  • රු. 75,000 - රු. 500,000 අතර හිමිකම් සඳහා අලුත්වැඩියා බිල්පත් සහ යාන්ත්‍රික අවශේෂ ගාස්තු පිලිබඳ දත්ත ඉදිරිපත් නොකර ඔබේ වාහනය අලුත්වැඩියා කරගන්න.

මුදල් භාවිතයකින් තොරව සිදුවන අලුත්වැඩියා

  • නිෂ්පාදනයේ වර්ෂයේ සිට වසර 5ක් දක්වා අනුමත නියෝජිතයන්ගෙන් හිමිකරුගේ ගිණුමක් නොමැතිව මුදල් භාවිතයකින් තොරව අලුත්වැඩියා පහසුකම.

SLICGL හවුල්කාර ගරාජවල ප්‍රතිලාභ

    • ඔබේ වාහනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් හවුල්කාර ගරාජවල අලුත්වැඩියා කර පහත සඳහන් ප්‍රතිලාභ භුක්ති විඳින්න:
    • මුදල් භාවිතයකින් තොරව ලබාදෙන පියවීම් පහසුකම
    • වාහනය කොතරම් පැරණිවූවත් ඔබේ රක්ෂණ හිමිකම්, හිමිකරුගේ ගිණුම් දායකත්වයෙන් අඩු කරනු නොලැබේ
    • උපරිම දින 10ක් සඳහා වාහන කුලී දීමනාව

දරන්නට හැකි රක්ෂණ වාරික

යෝග්‍යතාව

  • රක්ෂණ ඔප්පු හිමියා වයස අවුරුදු 18+ විය යුතුය.
  • රක්ෂණ ඔප්පු හිමියාට වාහනය සම්බන්ධයෙන් රක්ෂණමය අවශ්‍යතාවයක් තිබිය යුතුය.
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකාවේ නීති රාමුවට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමට සුදුසු විය යුතුය.
  • රක්ෂණය කරන ලද වාහන ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ තිබිය යුතුය.

ඉහත නිෂ්පාදනයේ ප්‍රතිලාභවල සීමාවන්, නියමයන්, කොන්දේසි සහ බැහැර කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ලේඛනය සහ/හෝ ප්‍රතිපත්ති කාලසටහන පරීක්ෂා කරන්න.

මෝටර් ප්ලස් වාණිජ වාහන ආවරණයක් සමග ඔබගේ ව්‍යාපාර ගොඩනංවන්න

කුලියට ගත් වාහනද ඇතුළුව හිමිකම් කාර්යක්ෂමතාව සහ නම්‍යශීලිත්වය ඇති විධිමත් රක්ෂනාවරණයක් මගින් බාධාරහිතව මෙහෙයුම් කටයුතු සිදුකරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න