යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය

යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය

අක්‍රමිකතා හේතුවෙන් යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වන කාල සීමාවන්වලදී සිදුවිය හැකි මූල්‍යමය බලපෑමෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා, යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය නිර්මාණය කර ඇත. එවැනි සිදුවීම් නිසා ඇති විය හැකි දළ ලාභයේ සැබෑ අලාභය සඳහා වන්දි ගෙවීම මඟින්, යථා තත්ත්වයට පත්වන කාලසීමාවේදී ඔබේ ව්‍යාපාරයේ මෙහෙයුම් සහ මූල්‍යමය ශක්තිය පවත්වා ගෙන යාමට හැකි බව සහතික කරවයි.

ප්‍රතිලාභ

ශුද්ධ ලාභය

  • යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා සිදුවන ශුද්ධ ලාභය අහිමිවීම් සඳහා ආවරණය.

ස්ථාවර ගාස්තු

  • යන්ත්‍ර ක්‍රියාත්මක නොවන සමයේදී ව්‍යාපාරයට අඛණ්ඩව දැරීමට සිදුවන බැංකු ණය වාරික, ගෙවිය යුතු පොළී, සේවක වැටුප් සහ උපයෝගිතා ගාස්තු ආදී ස්ථාවර වියදම් ආවරණය කෙරේ.

යෝග්‍යතාව

  • රක්ෂණ ඔප්පු හිමියාට වත්කම සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපළ/වත්කම ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ පිහිටා තිබිය යුතුය

අත්‍යාවශ්‍ය යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිතව පවතින කාල සීමාවන්වලදී ඇතිවිය හැකි අලාභයන්ගෙන් ආරක්ෂා වෙමින්, අඛණ්ඩව ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා මෙම රක්ෂණ ගිවිසුම ඉතා වැදගත්ය.


*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

යන්ත්‍ර හානිපූර්ණ ආරක්ෂණයකින් ලාභ සුරක්ෂිත කරගන්න

අත්‍යවශ්‍ය වියදම්, හිඟ අදායම් සහ අයකරගැනීම් ඇතුළු, යන්ත්‍ර බිඳවැටීම් අතරතුර ව්‍යාපාරික ආදායම ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ආවරණය කරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න