සමුද්‍රීය භාණ්‌ඩ රක්ෂණය

සමුද්‍රීය භාණ්‌ඩ රක්ෂණය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි සමුද්‍රීය භාණ්ඩ රක්ෂණය මඟින්, විවිධ සමුද්‍රීය අවදානම් හේතුවෙන් සිදුවන භාණ්ඩ හානි හෝ අලාභ සඳහා ශක්තිමත් ආවරණයක් සපයනු ලබයි. ආනයන සහ අපනයනකරුවන්ගේ නියාමන අවශ්‍යතා සැපිරීම පිණිස නිර්මාණය කර ඇති මෙම රක්ෂණය මඟින්, නාවික වෙළඳාම්වල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව සහතික කෙරේ.

ආවරණ විස්තර

නැව් භාණ්ඩ වගන්ති (අ)

    නිශ්චිත බැහැරකිරීම් සහිතව, නැව් භාණ්ඩ වගන්ති (අ) යටතේ සඳහන් වන භාණ්ඩ අලාභ හෝ හානි සියළු අවදානම් මෙමඟින් ආවරණය කෙරේ.

නැව් භාණ්ඩ වගන්ති (ආ) හෝ (ඇ) ආවරණය

    අවදානම් කළමනාකරණයට නම්‍යශීලී මාර්ගයක් ලබාදෙමින්, ඉහත වගන්තිවල සඳහන් උපද්‍රව සඳහා නිශ්චිත බැහැර කීරීම් වලට යටත්ව ආවරණය ලබා දේ.

සම්පූර්ණ අලාභ ආවරණය

    සම්පූර්ණ අලාභයන් සඳහා රක්ෂණ නියමයන් යටතේ වන්දි සහතික කෙරේ.

පුළුල් ආවරණය

    යුද්ධ, වැඩවර්ජන, කෝලාහල, සිවිල් නොසන්සුන්තාවයන් සහ ප්‍රවාහනය අතරතුර සිදුකරන තාවකාලික ගබඩාකිරීම් ආවරණය සඳහා අමතර ආවරණ විකල්ප ලබාගත හැක.

අභ්‍යන්තර නාවික ආවරණය

    දේශීය මාර්ග දක්වාද ආවරණය විහිදුවමින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහනය සිදුකෙරෙන භාණ්‌ඩ සඳහාද ආරක්ෂාව සැපයීම.

වෙනත් ප්‍රතිලාභ

අභිමත රක්ෂණාවරණ නම්‍යශීලීත්වය

ප්‍රතිරක්ෂණකරුට එක් එක් අවශ්‍යතාවට ගැලපෙන පරිදි රක්ෂණාවරණය සකස් කිරීමේ හැකියාව ඇත. එමඟින් ඔප්පු හිමියාට තමන් කැමති ආවරණයේ කොන්දේසි සාකච්ඡා කරගත හැක.

දේශීය භාණ්ඩ ප්‍රවාහකයින් සඳහා පහසුකම්

භාණ්ඩ පැටවීමේදී සහ බෑමේදී සිදුවන අවදානම් ආවරණය කරමින්, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හසුරුවන දේශීය ප්‍රවාහකයන්ට විශේෂ පහසුකම් සලසනු ලැබේ.

සමස්ත ගමන් ආවරණය

ආනයනකරුවන් සහ අපනයනකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබාදෙමින්, සම්පූර්ණ ගමන පුරාම භාණ්‌ඩවලට පුළුල් ආවරණයක් සැපයේ.

මහා පරිමාණ ආනයන/අපනයනකරුවන් සඳහා විශේෂ පහසුකම්

මහා පරිමාණ ආනයන/අපනයනකරුවන්ගේ සැපයුම් දාමයන්ට මනා ලෙස බද්ධ වන සමුද්‍රීය රක්ෂණ සැලැස්මක් ලබා දෙමින් පහසුකම් සලසනු ලැබේ.

යෝග්‍යතාව

  • රක්ෂණීය උනන්දුව: රක්ෂණ ඔප්පු හිමියාට භාණ්ඩ වෙත රක්ෂණීය අයිතියක් තිබිය යුතුය.
  • නීතිමය සහ නියාමන අනුකූලතාව: ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය.
  • භාණ්ඩ විස්තර: සමුද්‍රීය ප්‍රවාහනය සඳහා නීතියෙන් අවසරලත් භාණ්ඩ පමණක් ආවරණය සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි සමුද්‍රීය භාණ්ඩ රක්ෂණය, අන්තර්ජාතික වෙළඳාමේ විවිධ වූ අවශ්‍යතාවන්ට පුළුල් ආරක්ෂාවක් සැපයීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. අපගේ පුළුල් ආවරණ විකල්පයන් සහ සහාය දැක්වීමට කැපවීම හරහා, සෑම විටම ඔබේ භාණ්ඩ සුරක්ෂිත කරවන බවට අප සහතික වන්නෙමු.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

සමුද්‍ර භාණ්ඩ රක්ෂණ සහතිකයකින් ඔබගේ නැව්ගත කිරීම් ආරක්ෂා කරගන්න

පුර්ණ පාඩු වීම් වල සිට ප්‍රවාහන අවදානම්, බාධා කිරීම් සහ තවත් විවිධාකාර ගැටළු සඳහා සකස් කරන ලද ආවරණයකින් ගෝලීය නැව්ගත කිරීම් සුරක්ෂිත කරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න