යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය

යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය

යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය මගින් යන්ත්‍රෝපකරණවලට සිදුවන අනපේක්ෂිත සහ හදිසි භෞතික අලාභහානි සඳහා අත්‍යවශ්‍ය ආවරණයක් සපයමින්, කඩිනම් අලුත්වැඩියාවන් හෝ ප්‍රතිස්ථාපනයන් සඳහා පහසුකම් සලසනු ලබයි. අඛණ්ඩ යන්ත්‍ර ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය වන කර්මාන්ත සඳහා මෙම රක්ෂණාවරණය අතිශය වැදගත් වන අතර, වැඩිදුර ආරක්ෂාව සඳහා කර්මාන්ත/ ව්‍යාපාරික ස්ථාන සඳහා වන ගිනි රක්ෂණාවරණයක්ද මේ සමඟම ලබාගත හැක.

ප්‍රතිලාභ

මූලික ආවරණය

  • යන්ත්‍රෝපකරණවල විදුලි හෝ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හානියක් හෝ අලාභයක් සිදුවුවහොත්, එම හානිය හෝ අලාභය මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ. එමඟින් මෙහෙයුම්වල අඛණ්ඩත්වය සුරකිමින් අවම අක්‍රීය කාලයක් සහතික කරනු ලබයි.

යෝග්‍යතාව

  • රක්ෂණ ඔප්පු හිමියාට වත්කම සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපළ/වත්කම් ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ පිහිටා තිබිය යුතුය

මෙම රක්ෂණය සකස් කර ඇත්තේ යන්ත්‍රෝපකරණවල බිඳවැටීම්වලින් පසු ඉක්මනින් යථා තත්ත්වයට පත්විය හැකි බවට ව්‍යාපාරවලට සහතිකයක් ලබා දීම සඳහා වන අතර, එමඟින් එවැනි සිදුවීම්වල මූල්‍යමය බලපෑම අවම කර ඵලදායීතාව පවත්වා ගැනීමට ව්‍යාපාරවලට හැකියාව ලැබේ.


*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

විශ්වසනීය ආවරණයක් මගින් ඔබේ යන්ත්‍රෝපකරණ රක්ෂණය කරගන්න

වේගවත් අලුත්වැඩියා හෝ ප්‍රතිස්ථාපන සහාය සමඟ මෙහෙයුම් අඛණ්ඩතා සහතිකයක් සමගින් අත්‍යවශ්‍ය පද්ධති ආරක්ෂා කරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න