තොග හානි රක්ෂණය

තොග හානි රක්ෂණය

ඉක්මනින් නරක් විය හැකි ද්‍රව්‍ය ගබඩා කිරීමට ශීත ගබඩා පහසුකම් භාවිතා කරන ව්‍යාපාර සඳහා, තොග හානි රක්ෂණය විශේෂිතව සකසා ඇත. ගබඩා තත්ත්වයන්හි සිදුවිය හැකි සුළු වෙනස්කමකින් (යාන්ත්‍රික දෝෂ හෝ වෙනත් අනපේක්ෂිත සිදුවීම් නිසා) පවා ශීඝ්‍රයෙන් හානි වීමේ අවදානමකට ලක්විය හැකි, ආහාර, ඖෂධ, මල් වැනි දෑ සඳහා මෙම රක්ෂණය ආරක්ෂාව සපයයි.

ප්‍රතිලාභ

තොග ක්ෂය වීම

  • යාන්ත්‍රික දෝෂයක් හෝ රක්ෂණයෙන් ආවරණය කරන ලද වෙනත් හේතුවක් නිසා උෂ්ණත්වයේ වෙනසක් සිදුවීමෙන්, ශීත ගබඩා වල ඇති තොගවලට සිදුවන හානි හෝ අලාභ මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ.

තොග හානි

  • ගබඩා ඒකකයේ කාන්දුවක් හෝ අක්‍රීය වීමක් නිසා තොගයට භෞතික හානියක් සිදුවුවහොත්, එම හානිය මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ.

යෝග්‍යතාව

  • රක්ෂණ ඔප්පු හිමියාට වත්කම සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව රක්ෂණ ගිවිසුමකට අත්සන් කිරීමේ සුදුසුකම තිබිය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපළ/වත්කම් ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ පිහිටා තිබිය යුතුය

නිශ්චිත පාරිසරික පාලනයක් අවශ්‍ය වන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සඳහා ආයෝජනය කර ඇති ව්‍යාපාරවලට, තොග ක්ෂය වීමේ අවදානම ඵලදායීව කළමනාකරණය කර ගත හැකි බවට මෙම රක්ෂණයෙන් සහතික කෙරේ.


*නියමයන් සහ කොන්දේසි අදාළ වේ

විශ්වසනීය ආවරණයකින් ඉක්මනින් නරක් විය හැකි ද්‍රව්‍ය ආරක්ෂා කරන්න

උපකරණ ක්‍රියාවිරහිත වීම් හේතුවෙන් පහසුවෙන් නරක් වන දෑ ආරක්ෂා කරමින්, සැපයුම් වල ස්ථායීතාවය සහ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කරන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න